Wednesday, June 29, 2011

Malu Abul Thiyal

[Main Source - From Elakiri]

මේ සදහා යෝග්‍ය වන්නේ
කුට්ටි මාලු (ලොකු කැපූ මාලු) ගන්න වනම්...
කෙලවල්ලා
බලයා
ඉරටවල්ලා

කුඩා මාලුනම්..
ඇට වල්ලා
අලගොඩුවා
කුම්බලාවා
හුරුල්ලා
සුරා පරවි

මට නම් වඩා රස කුඩා මාලු තමා!!!
ඒනිසා මම ගත්තෙ කුම්බලා‍වා මාලු ග්‍රෑම් 750 ක්!!



මුලින් මාලු කූරි පිටින් වරක් සෝදා කොරපොතු හා වරල් ඉවත් කරගන්න!!



ඉන්පසු මේ ආකාරයට හිස සහ බඩ කපා ඉවත් කරන්න.


දැන් නැවත කීප විටක් හොදින් සෝදා ගන්න.



පසුව පෙන්ද කපා ඉවත් කර මාලුවෙක් කෑලි 2-3 කට කපා ගන්න.



අවශ්‍ය ද්‍රව්‍ය-

ගොරකා ‍කුඩු තේහැදි 4ක්
හෝ අඹරාගත් ගොරකා (පලු 6-7ක්)
ගම්මිරිස් කුඩු තේ හැදි 3-4ක්
ලුණු තේ හැන්දක්
රම්පෙ හා කරපිංචා



පතුල පැතලි ඉඩ ඇති ඇතිලියක් ගෙන රම්පෙ කොළ කීපයක් අතුරා ගන්න.
ඉන්පසු මාලු කැබලි එක එක ඒ මත අතුරන්න.



කරපිංචා, ගම්මිරිස් කුඩු හා ලුණු එක්කරන්න.



වතුරේ දියකරගත් ගොරකා සෙමෙන් දමන්න. අඩියේම ඉතිරිවන ටික දමන්න එපා වැලි තිබිය හැකියි!!





මේ විදියට අන්තිමට වතුර කෝප්ප 1/2ක් පමණ දමන්න. ශීතකරණයේ තිබූ මාලුනම් වතුර අඩුවෙන් දමන්න!!



කෙසෙල් කොලයක් උඩින් දමා පියන වසා මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ වතුර උතුරා භාගයක් පමණ හිදෙන තුරු තබා ගින්දර හොදටම අඩු කර පිසින්න!!


(මේ කොටස ප්‍රෙෂර් කුකර් සදහා පමණී)


ප්‍රෙෂර් කුකරයක් ඇත්නම් එහි අඩියට වතුර අගලක් පමණ දාමා ඒමත උස යමක් තබා වෙනත් භාජනයක තැබූ මාලු තබන්න. දැන් පියන වසා පැය 1/2ක් පමණ විස්ලින් යවන්න!! පසුව ‍එළියට ගෙන වලදකට දමා ලිපේ තබා හින්දා ගන්න!!



දැන් කෙසෙල් කොලය ඉවත් කර සෙමෙන් පිසින්න!!



වතුර සියල්ල හිදී ගොස් පතුල වියළි වන තෙක් ඉතා අඩු ගින්දරේ තබන්න. කිසිවිටෙකත් හැදිගෑම, පෙරළීම අව්‍ශ්‍ය නොවේ.



අන්තිමට මේ වගේ!! වතුර රහිත වියළි හැන්දක් භාවිතා කර දින 2-3ක් නරක් නොවී ශීතකරණයෙන් තොරව තබා ගන්න පුලුවන්!!



No comments:

Post a Comment