Thursday, June 30, 2011

Deviled Chicken

අවශ්‍ය දේවල් -


තරමක කැබලි ලෙස කපාගත් කටු සහිත කුකුල් මස් ග්‍රෑම් 500ක්
තක්කාලි ගෙඩි 3-4ක්
මාලු මිරිස් හෝ බෙල් පෙපර් කරල් 2-3ක්
ලොකු බී ලූනු ගෙඩියක්
ඉගුරු හා සුදුලූනු
ලීක්ස් කද කොටසක්
දෙහි හෝ විනාකිරි මේස හැන්දක්
ගම්මිරිස් කුඩු තේ හැදි 2ක්
කෑලි මිරිස් තේහැදි 2ක්
ලුණු තේ හැදි 2ක්
සීනි මේස හැන්දක්
අජිනමොටෝ තේහැදි 1/2ක් (කැමති අයට පමණයි)
සෝයා සෝස් සහ සෙසමි ඔයිල්
කුකින් ඔයිල්


එක් තක්කාලි ගෙඩියක් සහ අනෙකුත් දේවල් රූපයේ පරිදි කැබලි කපා ගන්න.





ලුණු, ගම්මිරිස්, දෙහි හෝ විනාකිරි තේ හැන්ද බැගින් සහ සෝයා සෝස් මේස හැන්දක් එක්කර කුකුල් මස් ටික පදම් (seasoning) කරගන්න.


තෙල් මේස හැදි 4ක් පමණ ලිපතබා කුකුල් මස් ටික බැද ගන්න. බයිට් සදහා නම් තරමක් වැඩිපුර බැදගන්න. අවශ්‍ය කෙනෙකුට ගැඹුරු තෙලේ බැදගත හැකිය!! තෙල් ගණන් නිසා ගෙදර අයගෙන් බැණුම් නොඅසා මෙළෙස බැද ගානීම වඩා අරපිරිමැසුම්දායකය!!


‍ඉවතට ගෙන තෙල් බේරෙන්න හරින්න.


තෙල් මේස හැදි 2-3ක ඉගුරු සුදුලූනු බැදගන්න.


ඉතිරි තක්කාලි ගෙඩි 2-3 බ්ලෙන්ඩ් කර එක්කරන්න. එසේ නැතිනම් Tomato Puree 0r Tomato Sauce මේස හැදි 4-5ක් වුවද යොදාගත හැකිය.
දැන් කෑලි මිරිස් තේහැදි 2, ගම්මිරිස් හා ලුණු, තේ හැන්ද බැගින්, විනාකිරි හෝ දෙහි,සෝයා සෝස් මේස හැන්දක්, සීනි සහ අජිනමෝටෝ එක්කර සෝස් එක විනාඩි 2-3ක් පිස ගන්න.
රස බලා ලුණු ඇඹුල් සහ සීනි අවශ්‍ය නම් එකතු කර ගන්න.


කපාගත් ලීක්ස් කද කොටස, බීලූනු සහ මාලු මිරිස් එක්කර විනාඩියක් පිසගන්න.


මෙන්න මේ වගේ.


බැදගත් කුකුල් මස් එක්කරන්න.
සෙසෙමි ඔයිල් බිංදු 3-4ක්ද එක් කරන්න.
බයිට් සදහා නොවේනම් පාන්පිටි තේ හැන්දක් එක්කර වතුර කොප්ප 1/2ක් එක්කරන්න.
එවිට බත් හෝ නූඩ්ල්ස් කෑම සදහා තරමක සෝස් / ග්‍රේවී එකක් ලැබේ.
විනාඩි 2ක් පමණ පිසගෙන කපාගත් තක්කාලි එක්කර ලිප නිවාගන්න.



--
>> http://janaka077.blogspot.com

No comments:

Post a Comment